දෙමළ ඩයස්පෝරාව සහ මහනායක හිමිවරු අතර හමුවක්

කාලයක් පුරා රටේ කතාබහට ලක් වූ විදේශීය දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් වන ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් පිරිසක් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්ගේ මහ නායක හිමිවරුන් හමුවී තිබෙනවා.

මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන් භවාන් භබකුගන්, වේලු‍පිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකාවේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු ද සහභාගි වුණු බව වාර්තා වුණා.

ලංකාවේ සියලු ජනකොටස් අතර සමගිය, සහජිවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් දෙපාර්ශ්වයේම ඇති වුවමනාව මෙම හමුවීමේදී හුවමාරු කරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles