මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සම්බන්ධයෙන් එම රෝහලෙන් පණිවිඩයක් ලබා දී තිබෙනවා.
චාමර වීරසිංහ හදිසි ප්‍රතිකාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන බවත්, එම ඒකකය අසල දැන්වීම් පුවරුවේ චාමරගේ සුවදුක් විමසීමට අවස්ථාව නැති බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් රසිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ චාමරගේ සුවදුක් විමසීමට උත්සාහ කිරීම ඔහුගේ ප්‍රතිකාර කටයුතුවලට පවා බාධාවක් විය හැකි බවත් එම පණිවිඩයේ දැක්වෙනවා.
චාමර වීරසිංහගේ ප්‍රතිකාර කටයුතුවලට බාධාවන ලෙස සුවදුක් විමසීමට නොයන ලෙස ද කලා ක්ෂේත්‍රයේ ඔහුගේ මිතුරන්ද ඉල්ලා සිටිනවා.
ආදරණීය හදවතේ ගායකයා ඉක්මණින් සුවපත් වණු දැකීමට නං බුද්දිමත්ව හැසිරෙමු වයිද්‍ය ප්‍රථිකාර සිදු කිරීමට බාධා වන අයුරින් හැසිරීමෙන් වළකිමු.