ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරියෙන් හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා සඳහන් කරන්නේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට ගත් බවයි.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.