මිද්දෙණිය ප්‍රදේශයේ එක්තරා පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම ප්‍රශ්නයක් නොවෙතත් මෙලෙස දරුවා “හම ගහන්නට“ එපා යැ යි තමා එම හිමි නමට කියා සිටි බවයි මව තවදුරටත් පවසන්නේ.
පහරදුන් සිසුවාට පෙර කළ පහරදීම්වල කැළැල් තවමත් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙලෙස දරුණු ශාරීරික හානි පැමිණෙන පරිදි දරුවන්ට පහරදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නෛතික ක්‍රියාමාර්ග ගත හැකි බවත් වගකිව යුතු අංශ පවසනවා.