විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ දී දරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අදාළ කාන්තාව මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු පොලිස් වසමට අයත් විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ පදිංචි ඇති අතර සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටිය දී වෙනත් සබඳතාවයක් හේතුවෙන් මෙලෙස ගැබ්ගෙන ඇති බවයි අනාවරණය වන්නේ.
මීට දින තුනකට පෙර දරුවෙකු ප්‍රසූත කර දරුවා ඝාතනය කර මිහිදන් කර ඇති බව මූලික විමර්ශන තුළින් වාර්තා වෙනවා.
පුදුකුඩිරිප්පු පොලීසියට ලැබූ තොරතුරකට අනුව අදාළ කාන්තාව කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අද (19) දින දරුවා මිහිදන් කළ ස්ථානයේ විනිසුරුවරයෙකු ඉදිරියේ දී පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.