නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවක් අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.
නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට ඇයගේ පුතා විසින් ඊයේ (30) උදෑසන අසල්වාසී පුද්ගලයෙකුට දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව එම පුද්ගලයා විසින් අදාළ නිවසට යාමේදී නිවසේ පිටුපස දොර විවෘත කර තිබීම හා නිවස තුළින් දුඟදක් හැමීම හේතුවෙන් සැක සිතී ඒ සම්බන්ධව නාන්නේරිය පොලීසියට දැනුම් දී තිබෙනවා.
එම දැනුම්දීම මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී නිවස තුල තිබී එම කාන්තාවගේ මෘත ශරීරය හමුවී ඇති අතර මරණකාරිය වයස අවුරුදු 62 පයිරික්කුලම, නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාන්තාව දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට හා මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිරීක්ෂණය වී ඇති අතර මෘත ශරීරය අසල තිබී පොරවක් ද හමුවී තිබෙනවා.
මරණකාරියගේ පුරුෂයා මීට පෙර මියගොස් ඇති අතර, ඇයගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා නිවසින් බැහැරව රැකියා වල නිරත වන බවත් මරණකාරිය පමණක් නිවසේ ජීවත්ව සිට ඇති බව සඳහන්.