දියණියන්ගේ නිරුවත තරුණයින්ට විකිණූ බවට සැකපිට මවක් අත්අඩංගුවට

සිය දියණියන් දෙදෙනාගේ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කර එම දර්ශන තරුණයින්ට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී අදාළ වීඩියෝ දර්ශන සොයාගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.

ඇයගෙන් ඒ පිළිබඳව විමසා සිටීමේදී ඇය පවසා ඇත්තේ වැරදීමකින් ජංගම දුරකතනය ක්‍රියාත්මක වීම නිසා අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන රූගත වී ඇති බවයි.

කෙසේ වෙතත් පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නඩුව අවසන් වන තෙක් දියණියන් දෙදෙනා සුළු මවගේ භාරයට පත් කර තිබෙනවා.

තවද එම දැරියන් දෙදෙනා මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles