යාපනයේ ඝාතනයක්

වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාට තියුණු ආයුධවලින් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (මාර්තු 11) මෙම අඹුසැමි යුවළ යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර මිය ගිය පුද්ගලයා සමඟ පෙර අමනාපකමක් තිබූ පුද්ගලයෙකු ඇතුළු පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක මිය ගිය පුද්ගලයා ඔහුගේ යතුරුපැදිය ආපසු හරවා පොන්නාලේ නාවික හමුදා කඳවුර අසලට ධාවනය කර තිබු බවත් එම අවස්ථාවේ ඔවුන් පසුපස අදාළ පිරිස ගොස් මිය ගිය පුද්ගලයා හා ඔහුගේ බිරිඳ යතුරුපැදිය සමග පැහැරගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මිය ගිය පුද්ගලයාට තියුණු ආයුධවලින් ඇන බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසල මෝටර් රථයකින් ගෙනවිත් දමා සැකකරුවන් පළා ගොස් ඇති අතර මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් බව පොලිසිය පවසනවා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වඩුක්කෝට්ටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles