මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවෙකු වෙස් වළාගෙන පැන යාමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ දී.
පැන යාම සඳහා ඔහු බන්ධනාගාර නිලධාරියෙකුගේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ තිබෙනවා. කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට පත් වුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වෙනවා.