ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද, එක්සත් රාජධානියේ පුරවැසිභාවයද හිමි 18 හැවිරිදි තරුණයෙකු විසින් මොරටුව ඉඳිබැද්ද නිවසක තනිවම විසූ 83 වියැති මහළු කතක් මරා දැමීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම තරුණයා ඇගේ අසල්වැසි නිවසේ පදිංචි තරුණයා බවයි. ඇය සාලයේ මියගොස් ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරු මත පැමිණ ප්‍රශ්න කිරීමේදී සැකකාර තරුණයා සහ ඔහුගේ මිත්තණියගේ ප්‍රකාශ පරස්පර වූ නිසා වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේ තරුණයා ඝාතනය පාපෝච්චාරණය කර තිබෙනවා.
මිත්තණිය සමඟ පෙර වතාවක ගිය විට රුපියල් 5000ක නෝට්ටු ඇගේ පසුම්බියේ දුටු බවත්, පසුව ගොස් වතුර වීදුරුවක් ඉල්ලා ඇය එය ගෙන එන විට ඒ මුදල් සොරගත් බවත්, එය දුටු ඇය දෝෂාරෝපණය කළ නිසා තල්ලු කර දමා නිවසට ගොස් අලවංගුව ගෙනැවිත් හිසට පහර දුන් බවත් පාපෝච්චාරණයේ කියැවී තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු කායවර්ධන ක්‍රීඩකයෙකු බවද සොරාගත් මුදලින් කායවර්ධන පෝෂණ මිලට ගෙන තිබූ බවද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. ලබන ජනවාරි මස මිස්ටර් ශ්‍රී ලංකා ජූනියර් කායවර්ධන තරගය සඳහා ඔහු සූදානම්ව සිටි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය ප්‍රකට රුසියානු ලේඛක ප්යෝදර් දොස්තොව්ස්කිගේ “අපරාධය සහ දඬුවම“ කෘතිය සිහිගන්වනසුළු එකක්.