මෝදිගේ දිව්රුම් උත්සවයේ අද්භූත සත්වයෙක්

ඉකුත් 10 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම්දීමේ උත්සවයේ පෙනී සිටි අද්භූත සත්ත්වයෙකු සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වුණා.

එම වීඩියෝවේ භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිව්රුම් දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදි මුර්මුට ආචාර කරන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියාවේ අලුතින් තේරීපත් වූ මහජන නියෝජිතයින් රැසක් වාඩිවී සිටින ස්ථානයට මඳක් ඉහළින් රතු පැහැති කාපට් අතුරා ඇති පියගැටපෙළක් මත මෙම සත්ත්වයා ගමන් කරනු දැක්වෙනවා.

අදාළ සත්ත්වයා දිවියෙකු බව ඇතැම් සමාජ මාධ්‍යවල මත පළවෙමින් තිබියදී , ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨ්‍රපතිභවන් හි ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇත්තේ එම සත්ත්වයා ජනාධිපති මන්දිරයේම සිටින බළලෙකු බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු නිල වශයෙන් තහවුරු වී නැති අතර ඇතැමුන් මෙම දර්ශන මායා රූපයක් විය හැකි යැයි ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles