විශාල කරදර ප්‍රමාණයක සිටි ජනතාවක් විනෝද ගමන් යන තත්වයකට ගෙන ඒමට තමන් සමත් වූ බව ජනපතිවරයා ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඔහු තවදුරටත් මෙසේ පැවසුවා,
“ජා.මූල්‍ය අරමුදල සමඟ ආර්ථික වැඩපිළිවෙලක් සකස් කළා. එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින සාමාන්‍ය අතට පත් වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර බිඳෙන් බිඳ අඩු වෙන්න පටන් ගත්තා. පසුගිය වසරේ මෙම කාලයේදී රුපියල් 363ක්ව පැවති ඇමරිකානු ඩොලරය මේ වන රුපියල් 308ක ප්‍රමාණයට අවප්‍රමාණය කරගත්තා. රුපියල ශක්තිමත් වුණා. ආර්ථික ප්‍රගතියක් දක්නට ලැබෙනවා.”
කෙසේ වෙතත් ජනපතිවරයා පැවසුවේ, විවිධ ස්ථානවලට ජනතාව විවිධ වාහනවලින් විනෝද ගමන් යන තත්වයට රට පත් ව ඇති බවයි. එසේ ගමන් බිමන් යන්නේ විනෝද යන්නේ ගෙදරින් එළියට බහින්න බැරි ජාතියක් බව ජනපතිවරයා සිහිපත් කරනු ලැබුවා. දැන් එම තත්වය සම්පූර්ණයෙන් පාහේ කණපිට හැරෙමින් පවතින තත්වයක් දක්නට ලැබෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.