ප්‍රභාගෙන් අලුත් සන්ධානයක්

දේශපාලනයේ නවමු මානයනක් සොයා යන පසුබිමෙක ආගම්, ජාති, කුලභේදවලින් තොර දේශපාලනයේ අලුත් පෙරළියක ඇරඹූමක් සනිටුහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජනගත කිරීම ඊයේ (08) කොළඹ සිනමන් ලේක් හිදී සිදු කෙරුණා.

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපතිවරයා ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරාත්, මහ ලේකම්වරයා වන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන් වන අතර එහි ජාතික සංවිධායක නිලුක්ෂ නන්දකුමාරත් ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධනත් කටයුතු කරනු ලබනවා.

අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙමින් නිදහස් සෞඛ්‍ය නැංවීම හා ජනතාවාදී අර්ථ ක්‍රමයක් තුළින් සැමට සමාන අවස්ථාව උදාකිරීමේ අරමුණ පෙරදැරිව ජනගත වන මෙම දේශපාලන සන්ධානය ඉදිරි මහ මැතිවරණය සදහා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

එසේම ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සදහාත් මුළු රටම නියෝජනය වන පරිදි අපේක්ෂකයින් පත් කිරීමටද නියමිත බව ඔවුන් කියා සිටිනවා.

මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වෙබ් අඩිවය ( dna.lk )ද මෙහිදී එළි දැක්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles