එජාප මැතිවරණ සටනට නව නිලධාරී මණ්ඩලයක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඊයේ (02) නව නිලධාරී මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදියි.

එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දුත් ,ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකත්, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ලෙසත් පත් කර තිබෙනවා.

මෙම පත් කිරිම් වලට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු වෙනසක් සිදු කළ බව වාර්තා වෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන්, භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් උප සභාපති ලෙසත්, ක්‍රිෂාන් තියඩෝර් නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles