සුරාසැල් සම්බන්ධයෙන් නව තීරණයක්

සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

මේ බව ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්.

එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මත්පැන් සම්බන්ධයෙන් මෙරට පවතින ඇතැම් නීති ද නීතිවිරෝධී මත්පැන්වලට යොමුවීමට ජනතාව පොළඹවන බවයි.

එසේම නීතිවිරෝධී මත්පැන් වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20 තුළ නීත්‍යානුකූල මත්පැන් 50% කින් වර්ධනය වී ඇති අතර නීති විරෝධී මත්පැන් 500% කින් වර්ධනය වී ඇති බවයි.

සුරාසැල් ව්‍යාප්ත වීම ද මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles