මෙරට රිලාගහණය අවම කර ගැනීම සදහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරිමට විශාල මුදලක් වැය වන නිසා ඔවුන්ට ලූපයක් දැමිම කෙරෙහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ගැහැණු රිලා සතුන්ගේ ඩිම්බකෝෂවල ප්‍රමාණයන් හා ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මේ වන විට අධීක්ෂණය කරමින් සිටින බවයි පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම ලූපය අලුතින්ම නිර්මාණය කිරීමට සිදු වන බවත් ඒ හේතුවෙන් ඊට අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා ගැනීමට සඳහා පරිත්‍යාගශීලියෙකුගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.