ක්‍රිකට් ක්‍රීඩකයින්ට අලුත් නිතීයක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය කණ්ඩායම් වල ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට එරට ක්‍රිකට් ක්‍රීඩකයින් පිතිකරණයේ යෙදෙන විට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආරක්‍ෂිත හිස් වැසුම් සඳහා ගෙල ආවරණ සවිකරගත යුතු වෙනවා.

ඒ වේග පන්දු යවන්නන්ට සහ මද වේග පන්දු යවන්නන්ට පිතිකරුවන් මුහුණ දෙන නිසයි.

2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිටි සුපිරි තරුණ වමත් පිතිකරුවකු වූ පිලිප්ස් හියුස් පන්දුවක් ගෙලෙහි පිටුපස වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක හිස් වැසුමට ගෙල ආවරණයක් හඳුන්වා දීම සිදු කර තිබෙනවා.

නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ඩේවිඩ් වෝනර්, සහ ස්ටීව් ස්මිත් එය පැලඳගෙන පිතිකරණයේ යෙදීමට වැඩි කැමැත්තක් නොදක්වන අතර නව රීතිය අනුව ගෙල ආරක්‍ෂිත උපාංගය සිය ආරක්‍ෂිත හිස් වැසුමට අනිවාර්යයයෙන් සවිකරගත යුතු බවයි එරට නිසි බලධාරීන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles