පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය පවසන්නේ.
ඒ අනුව එලැඹෙන 6 වැනිදා සිට නව මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය අද (04) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
“එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්.
ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා.
ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. “
ගිය ආණ්ඩුවේ තිබුනෙත් මේ ක්රමය ක්රියාත්මක කිරිමේ අදහසනේ .පාස්පෝට් සිමාකරේ අළුත් ක්රමය පටන් ගන්නකම්නේ .ඵ් ක්රමයම තමයි දැන් කරන්න හදන්නේ .👍