කොළඹ නගර සභා බලප්රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.
ඒ අනුව එක කලාපයක් සඳහා එක් කොන්ත්රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි එහි රථවාහන අංශය පවසන්නේ.
මෙම ක්රමවේදය මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදු වන බවත් රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් කොළඹ මහ නගර සභාව සඳහන් කරනවා.