රුසියානු වීසා සඳහා නව ක්‍රමවේදයක්

ඉදිරියේදී රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග අද (29) කොළඹදී පැවති හමුවකින් අනතුරුව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles