ඉන්දියාවේ ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබෙන තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙරටට ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10000ක් දක්වා අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී ඇතැයි සඳහන්.
පළමු අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් වෙනවා.
ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම නිසාවෙන් මෙරට ලොකු ලූනු මිල කිසිදා නොවූ විරූ තරම් පසුගිය සමයේ ඉහළ ගොස් තිබුණා.