ඔත්පළ පියා රකින්න මෙහෙකාරකමට ගිය දැරිය දූෂණය කළ නොමිනිසෙකුට ලැබුණු දඬුවම

හදිසියේ මව මිය යෑමත්, පියා ඔත්පළ වීමත් නිසා පාසල් ගමන අතුරතුරදීම රාජගිරිය පෙදෙසේ නිවසක මෙහෙකාරකමට ගිය එවකට 17 හැවිරිදි දැරියක කිහිපවතාවක් දූෂණය කළ බවට සාධාරණ සැකයකින් තොරව අධිකරණය ඉදිරියේ වරද ඔප්පු වූ චූදිතයෙකුට වසර 45ක සිර දඬුවමක් නියම කෙරුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින්.

මෙම සිදුවීම සිදුව ඇත්තේ වසර 20කට පෙර බවයි සඳහන් වූයේ. කෙසේ වෙතත් විත්තිකරු මේ වන සැඟවී ගොස් සිටින නිසා දුටු තැන අත්අඩංගුවට ගෙන තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. වයස 37ක්ව ඇති දූෂණයට ලක් වූ කාන්තාවට ලක්ෂ 5ක වන්දියක් ගෙවීමටද අධිකරණය නියෝග කර ඇතත් වරදකරු සොයාගැනීමට නැති බැවින් එයද ලබා ගැනීම උගහට බවයි පෙනී යන්නේ.

සිය පියා රැක බලා ගැනීම පිණිස අසරණව මෙහෙකාරකමට ගිය දැරිය මේ පුද්ගලයා විසින් කිහිපවරක් දූෂණය කර උපත්පාලන ක්‍රම සිදු කර තිබෙන බවයි නඩු විභාගයේදී වාර්තා වී ඇත්තේ. කෙසේ වෙතත් මොහු එවක මෙම දැරියව බිය ගන්වා සිද්ධිය යටපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles