චාමර වීරසිංහගේ අසනීප තත්වයේ අලුත්ම තොරතුරු ගැන සටහනක්

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මේ වන විට ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඒ දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙනුයි.

එමෙන්ම මේ වන විටත් රෝහල්ගතව සිටින චාමර ගේ නවතම තත්ත්වය පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහත දැක්වෙනවා.

“ආදරණීය චාලි . අදට හරියට ම මාසයක් කලුබෝවිල දැඩි සත්කාර ඒකකයේ. ගෙවී ගිය දවස් තිහේම මේ රටේ මිනිස්සු චාලිට ආශීර්වාද කලා.

චාලි ගේ සහෝදරයො ටික සහෝදරියො ටික හැමෝම එක වගේ චාලි වෙනුවෙන් වෙහෙසුනා උනන්දු උනා. දුරකථනයෙන් කතා කරල බොහෝ රසික පිරිසක් චාලී ගැන හොයල බැලුව.

වෙන රටකට ගිහිල්ලා හරි බෙහෙත් කරමු අපි වියදම් කරන්නම් කියල පුද්ගලිකව කතා කරපු නන්නාදුනන මිනිස්සු හිටියා.

මේ දවස් තිහේම නොකඩවා උදේ දවල් හවස චාලි ගෙ බිරිද කලුබෝවිල රෝහලට ආවා. ඇය සමහර දවස් වල රෝහලෙන් එළියට ආවේ බොහෝම කැලබීමෙන් .

චාලී ගැන උනන්දුවක් නොතිබුණු යාලුවෙක් නැති තරම්. රටේ හැමෝම චාලි ගැන හොයල බැලුව. ඒත් මාසයක් ගතවෙන අද ඇත්තටම යම් සැනසීමක් තියන දවසක්.

අද චාලි බලන්න ගියා. ඒ වෙලාවෙ නින්ද ගිහින්. විනාඩ් දෙක තුනකින් ඇස් අරිද්දි මාව දැකපු චාලි හඩක් නැතුව තොල් අතරින් නිරෝ කියල අතින් අල්ලා ගත්තා.

රටේ හැම තැනම මිනිස්සු ඔයා බලාගෙන ඉන්නවා. හෙමිහිට නැගිටිමු කියද්දි උබේ ඇස් දෙපැත්තෙන් එච්චර කදුළු එනවා මම කවදාවත් දැකලා නෑ මිත්‍රයා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles