රුසියානු – යුක්රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය මෙරට දූත පිරිසේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
අද (29) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, යුද්ධයට එක්වූ 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්වී ඇති බවයි.
මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටව ගියා.
එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වූ බව සඳහන්.