පවතින අධික වැසි තත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී ඇති බව ඊයේ (13) වාර්තා වුණා.
කොක්මාදූව හුවමාරුවෙන් කනංකේ දෙසට ගමන් කළ නොහැකි ලෙස ගංවතුර මට්ටම ඊයේ වැඩි වී තිබුණත් අද (14) උදෑසන වන විට ගංවතුර මට්ටම වැඩිවී නැති බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
සුළු වශයෙන් ජල මට්ටමක් එහි තිබුණත් එයින් වාහන ගමන් කළ හැකි මට්ටමක තිබෙන බවයි වාර්තා වූයේ.
ඒ අනුව අද උදෑසන වන විට වාහන ගමනාගමනය බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ප්රකාශ වන්නේ.