අපරාධකරුවෙකුට පලායන්න පාස්පෝට් හදලා: ආගමන විගමන හිටපු නි. පාලකට ඇප

සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පළායාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකසාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා ඇප මත මුදාහැර තිබෙනවා.

අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම සැකකරු මුදාහැර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ වර්තමානයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත උසස් නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles