පොහොට්ටුවෝ කුලල් කා ගනිති : පවිත්‍රා-මධුර ඇවිළෙයි

ඊයේ (03) දිනයේ ජනපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තවත් ගැටුමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

ඒ අතර මහින්දානන්ද අලුත්ගමගේ පහරදීම නිසා කකුල කැඩුණු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත්, ඊයේ ගැටුමට මුල් වූ කිහිපදෙනාම පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් වීමත්, මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කරන අය වීමත් කැපී පෙනෙනවා.

මෙලෙස් කුළල් කා ගැනීම අභ්‍යන්තර දේශපාලන අරගලවල පෙරනිමිති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles