රේගු භාරයේ ඇති වාහන අඩු මිලට ලබා දෙන බව සඳහන් කරමින් රුපියල් කෝටී ගණනක් වංචා කර සැඟව සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් වංචා විමර්ශන කාර්යංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි සමාජ ශාලාවක් ඉදිරිපිට දී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
සැකකරුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් විමර්ශනය වන අතර එම පැමිණිලි හතරට අදාළව සිදු වී ඇති වංචාව රුපියල් ලක්ෂ 256ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යංශය සඳහන් කරන්නේ.