2024 අයවැයේ දී පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද (13) සිට ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙතෙක් හිමිවූ දීමනාවට අමතරව අයවැය මගින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් හෝ ලබා දෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට නියමිත අතර ඉන් සියයට 50ක් කඩිනමින් ලබා දීමට සැළසුම් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පසුගිය සතියේ වාර්තා වූයේ, පොලිස් නිලධාරින්ගේ ආහාර හා නවාතැන් දීමනා සහිතව සංයුක්ත දීමනා ලබාදීම අඩාල වී ඇති බවයි.