පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන රුසියානු තානාපති ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අද(01) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ඔහු මෙලෙස ජනාධිපතිවරයා හමු වී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී එම පණිවුඩය පිළිගන්වා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සිය පණිවුඩයේ සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බවයි.

මෙහිදී දෙපාර්ශ්වයේම අන්‍යොන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කර ඇති අතර වෙළෙඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද තවදුරටත් දෙපාර්ශ්වයම විසින් සාකච්ඡා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles