පනත් දෙකකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාවයි.

සර්වජන බලය සංවිධානයේ සාමාජිකයින් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිළ,ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිලිත් ජයවීර, වෛද්‍ය ජී.වීරසිංහ සහ නිමල් රණවක යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් මඟින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙම පනත් මඟින් උල්ලංඝනය වීමක් සිදු වන බවටද එම සංවීධානය චෝදනා කරනවා.

එබැවින් අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලාබදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles