ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකි දැ යි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර අතර ම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු ඇතුළු කර්මාන්තය ආශ්රිත මතුව ඇති වෙනත් ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
පුස් බිමක්ම වෙයි මේක. හොරෙන් කරපු ඒව නීත්‍යාණුකූලවම කරන්න ගියාම නඩුත් හොරුන්ගෙ බඩුත් හොරුන්ගෙ, එතන මීටින් එකේම ඉන්නවා පේනව ඔය සබ්ජෙක්ට් එක පරතෙරටම කරගෙන යන ඈයො. කොයි සංවර්ධණ යෝජනාවක් ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද වුණත් ඔය ව්යාපෘතියටනං අණුමැතිය එන්නත් කළින්ම ඒ දවසෙ ඉඳලම ක්‍රියාත්මක වෙලා ඇති.