ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පොහොට්ටුවේ සුදානමක් පවතිනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්තනෝමතික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් මාරු කිරීම සහ තරවටු කිරීම් සිදු කරන නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එසේ නැතහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින පක්ෂය ලෙස ඉදිරි අයවැයේ දී අයවැය පරාජය කිරීමේ හැකියාව පොහොට්ටුව සතු බවයි එම පක්ෂයේ ප්‍රබලයෙක් අපවෙත සඳහන් කළේ.
එසේම පොහොට්ටුවට ජනාධිපතිවරයාගෙන් කුඩම්මාගේ සැළකිලි ලැබීම ගැන මේ වන විට එම පක්ෂයේ ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙන බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.