මාතලේ දිස්ත්‍රික්කයේ වගා හානි කරන පිරිමි රිලවුන් ගහණය අඩු කිරීම සඳහා රිලා වන්ධ්‍යකරණ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන බව වාර්තා වෙනවා.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ ගැන අවධානය යොමු කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන බව සඳහන්.
මේ ගැන අදහස් පළ කළ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මන්ත්‍රීවරයා මෙබඳු අදහසක් පළ කර තිබුණා.
“මාතලේ දිස්ත්‍රික්කයේ රිලවුන් ගහණය වැඩිවීමත් සමග මෙම ප්‍රදේශයේ ඇති වෙලා තියෙන කෘෂිකර්මික ගැටලුවක් විදියට සාකච්ඡා කළා මෙතැනදී ලංකාවේ ක්‍රියාත්මක කරන පළමු පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට මුදල් වෙන් කරලා තියෙනවා.”