කාලා හමාරයි: අමු මිරිස් කරලක් රුපියල් 20යි

එළවළු මිල අහස උසට නැග ඇතැ යි ජනතාව චෝදනා කරනවා. විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිලද ඉතා ඉහළ බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අතර මෑත කාලයේ වාර්තා වූ වැඩිම අමු මිරිස් මිල මේ දිනවල වාර්තා වෙනවා. අමුමිරිස් සිල්ලර මිල කිලෝව රුපියල් 1800-2000 අතර මිලකටයි අලෙවි වන්නේ.

ඒ අනුව අමුමිරිස් ග්‍රෑම් 100ක මිල රුපියල් 200ක් පමණ වෙනවා. අමුමිරිස් ග්‍රෑම් 100කට අඩංගුවන ප්‍රමාණය අනුව කරලක් රුපියල් 20ට ආසන්න විය හැකි බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

ලොකු ලූනු මිලද රුපියල් 700 ආසන්නයේ පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles