කාම විකෘතිකයන් අල්ලන්න පොලිස් දැලක්!

ගෙවුණු වසරේ (2023) දී පමණක් විවිධ පුද්ගලයන් විසින් බාල වයස්කාර දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ සඳහන් කළා.

ළමා අපචාර හා හිංසන සම්බන්ධයෙන් ‘අයිමැක්’ සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකදී මේ බව හෙළිව තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ළමා හා කාන්තා කාර්යංශය විසින් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක ඒකකයක් ස්ථාපිත කර තිබෙන බවද ළමා හිංසන, කාන්තා ප්‍රචණ්ඩත්වය මෙන්ම අපයෝජන හා අපචාර සම්බන්ධ පැමිණිලි පූර්ණ රහසිගත ලෙස මෙම ඒකකයේ 109 දුරකතන අංකය අමතා සිදුකළ හැකි බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles