වසර 33ක කාලයක් රටේ විවිධ පොලිසිවල සේවය කර විශ්‍රාම ගත් නිලධාරියෙක් පසුගිය 17 වැනි දා ලේක්හවුස් වටරවුම අසලදී වාහන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ෆේස්බුක් ගෘෘප් එකක තබා තිබූ සටහනක් පහත දැක්වෙනවා. තමාව පරීක්ෂා කළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන ඔහුට ලැජ්ජාවක් සහ පිළිකුලක් ඇති වූ බවයි ඔහු සටහන් කර ඇත්තේ.
උපුටගැනීම –
2024.01.17 පැය 1900 ට පමණ,කොම්පඤ්ඤවීදිය ලේක්හවුස් වටරවුම අසළ දී මගේ කාර්රථය මවිසින් කොටුව දෙස සිට පැමිණ මරදාන පැත්තට හරවනවාත් සමඟම එම වට රවුමේ වම්පස රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විදුලි පන්දම් මගේ මුහුණට වදිනලෙස දැල්වූවා, මම මාර්ගයේ මීටර් විස්සක් පමණ ඉදිරියට ගොස් පාර අයිනේ වාහනය නවත්වනවාත් එක්කම යතුරු පැදිය කින් පොලිස් නිලධාරියෙක් පැමිණ “ගන්නව ලයිසන් ඉන්ෂුවරන්ස්. ඇයි නතර කරන්න දන්නැද්ද? සංඥා කළාම” කියා තරහින් වගේ පවසද්දි මම රථයෙන් බැස “පාර මැදදෙ නවත්තන්න බැහැනෙ ඒකයි අයින් කරල නැවැත්තුවේ” කියල කීව, ඔහු එය පිළිනොගෙන දොස් පවරන විටදී මම කීවා “මම විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක් මම අණ නොතකා යන්නෙ නෑ කවදාකවත්, එහෙම යන්න මම වරදක් කරලවත් බයවෙන්න හේතුවක්වත් නැහැනෙ“ කියල.ඒ අවස්ථාව වන විට තවත් එතන සිටි පොල්ස් නිලධාරී මහතෙකු එම ස්ථානයට පැමිණ වාහනයට එබී බලා වාහනයෙන් බැස සිටි මා වෙත මිනීමරුවෙක් දෙස බලන ආකාරයට රවා බලා “ගන්නව ලයිසන් එක කියා කීව, කලින් නිලධාරියා එතනින් යතුරු පැදිය රැගෙන ගිය අතර පසුව පැමිණි නිලධාරියාටද කරුණු පහදන්නට සිදුවුණේ ඔහුගේ රැවුම් ගෙරවුම් මැදයි. අවසන ඔහු “අනේ පලයන් මහත්තයා“ කියමින් ආපසු හැරී යන්න ගියා, වාහනයේ ඉදිරිපස මගේ බාල පුතාත්, බිරිඳත්, දුවත් සිටි අතර ඔවුන් විශ්මිතව සිදුවීම ගැන බලා සිටියා, මට මහ ලැජ්ජාවක් වගේම මෙම පසුව පැමිණ ගර්ජන කෙරූ නිලධාරියා ගැන දැඩි පිළිකුලක් හා කළකිරීමක් ඇතිවුණා, මම රථවාහන ස්ථානාධිපතිවරයෙකු වශයෙන් අවුරුදු 13 ක් විවිධ පොලිසිවල රාජකාරි කරල තිබුණත් මහජනයාට මෙවැනි අන්දමින් කටයුතු කර නැත. මම වාහනය පැයට කි.මි දහයක පමණ හෙමින් තමයි මීටර් විස්සක විතර ඉදිරියට පැදවූවේ, පැන්ෂන් යන හැම නිලධාරියෙකුටම පාඩමක් වශයෙනුයි මට වුණ අපහසුතාවය මෙසේ අකුරු කළේ, කණගාටුයි. මමත් අවුරුදු 33 ක් රාජකාරි කළ පොලිසියේ සමහර නිලධාරීන් ගේ විනය පිරිහීම ගැන.
ආර්.ඩී. ගුණරත්න – පොලිස් මිතුරෝ සමූහය
දැන් පොලිස් සේවාව තුල, දැන උගත්කමට තැනක් දෙන්නෙ නෑනි, සියලු තැන්වලට දේශපාලන හයියෙනුයි, දැන හැඳුනුම් කම්වලුනුයි නුසුදුසු පුද්ගලයින් රිංග ගන්නවා, ඒවයේ ප්‍රතිඵල විදියට පොලිස් සේවාව ගුණාත්මක භාවයෙන් අඩුවෙලා, ජනතා අප්‍රසාදයට පත්වෙලා, දේශපාලනඥයින්ට, ජාවාරම්කරුවන්ට කඩේ යන පොලිසියක් බවට පත්වෙලා, ඉදිරියට තවදුරටත් භයානක තත්වයන් සමාජයට අත් විඳින්න වේවි.
අද පොලීසිය බල්ලන් රජ වෙලා.කතා කරල වැඩක් නෑ. අපි අහිංසක පුර වැසියෝ..ඔබලාට ඔහොම නම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම ඇත්ද.
යුක්තිය මෙහෙයුම පොලිසියට හොඳ පල්ලමක් වෙලා තියෙන්නේ.හවස පහ වෙනකොට බීලා බීලා පාරට ඇවිත මිනිස්සුන්ට වෙරි පෙන්වනවා
පොලිස් ලොක්කා අධම පාපතරයෙක් වූ පසු පොඩ්ඩන් ගැන කියනු කුමට?
හැකි ඉක්මනට මේ සොම්බිරැළ එලවන්න දරුවන්ට කියාදෙන්න…✌️✌️✌️❤️❤️