අම්පාර ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී කාන්තාවක නාන කාමරයේ දිය නාමින් සිටින අයුරු ජංගම දුරකතනයකින් වීඩියෝ කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසනවා. මොහු අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියකගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වශයෙන් කටයුතු කරන පොලිස් සැරයන්වරයකු බව හෙළි වී තිබෙනවා.
හිටපු මන්ත්‍රිනියගේ නිවස ආසන්නයේ ඇති ඉඩමකට ඇතුළු වූ සැකකරු මෙම වීඩියෝගත කිරීම කළ බවයි හෙළිව ඇත්තේ.
කාන්තාව මෙම සිද්ධිය දැක අම්පාර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ශනයක් පවත්වා සැකකරු පෙරේදා (24) අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරද්දී සැකකරුගේ ජංගම දුරකතනයේ එම වීඩියෝ දර්ශන තිබූ බවද කියැවෙනවා.
අයුතු ලෙස ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට වන චෝදනාව යටතේ මෙම සැරයන්වරයා එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මකයි.