අග්‍රාමාත්‍ය නිල නිවසේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වෙනවා. කොල්ලුපිටිය පොලිසිය පවසන්නේ මෙම වෙඩි පහරෙන් තුවාළ ලැබූ ඔහු ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
පසුගිය 30 වැනි දින සවස 6 සිට 9 දක්වා අරලියගහ මැදුරේ අංක එක දරණ ගේට්ටුවේ මුරකුටියේ රාජකාරියේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
29 හැවිරිදි මෙම නිලධාරියා හොරොව්පතාන පෙදෙසේ පදිංචි අයෙක් වන ඔහුගේ මව මාස කිහිපයකට පෙර මිය ගිය බවත් මවගේ මරණයෙන් පසු පියාද රෝගීව ඇති බවත් පවුලේ අගහිඟතා නිසා එකම සොයුරා සමග ආරවුල් ඇති වෙන නිසා තමා මානසික ආතතියෙන් පසුවන බව ඔහුගේ ප්‍රකාශයේ ඇතුළත් බව සඳහන්.