මැදවච්චිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදු කළ පහරදීමකින් බරපතළ තුවාළ සිදුවූ සිය පුතුගේ වෘෂණයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදු වූ බව ඔහුගේ මව චෝදනා කරනවා.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගමේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
මැදවච්චිය පොලිසිය පවසන්නේ, මෙම තරුණයා ගමන් ගත් ලොරිය පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙස අණ කළද නොනවත්වා ධාවනය කළ නිසා හඹා ගොස් අත්අඩංගුවට ගත් බවයි. එසේම පහරදීමක් සිදු නොකළ බවත්, තරුණයා කලහකාරි ලෙස හැසිරුණ බවත් පවසන පොලිසිය මොහු බීමතින් සිටි බව සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවටත් චෝදනා කරනවා.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ මෙම තරුණයා පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු වන බවයි. අනුරාධපුර රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මේ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කිරීමට සිදු වූ බවයි.