ආසියාවේ විශාලම විල්ලු පද්ධතිය ලෙස සැලකෙන පොළොන්නරුව හඳපාන්විල විල්ලු ආශ්‍රිතව අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් ප්‍රභූන් සිව් දෙනෙකුට ලබා දීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානය සඳහන් කරනවා.
මීට පෙරද මෙවැනි සැලසුමක් සකස් කර දේශපාලකයන්ට සහ හමුදාවේ බලවතුන්ට ලබා දීමට කර තිබූ සැලසුමක් ජන විරෝධය නිසා හකුළාගත් බව ඔවුන් පවසනවා.
මෙම විල්ලු ආශ්‍රිත පරිසර පද්ධතිය වනජීවී ඉඩමක් නොවන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසන අතර මහවැලි අධිකාරියට අයිති නැති බව මහවැලි අධිකාරිය පවසනවා.
මේ බව පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයා ද නොදැනුවත් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ආසියාවේ විශාලතම විල්ලු පද්ධතිය ලෙස සැලකෙන මෙය පෞද්ගලික බූදලයක්ව විනාශ වී යෑමට එරෙහිව කටයුතු කළ යුතු බව පරිසරවේදීන් පවසනවා.