දීර්ඝ කාලයක් තිස්සේ රට විනාශයට පත් කරන ලද, රටේ ආර්ථිකය කඩා වට්ටන ලද, ජනතාව පීඩාවට හෙලන ලද පාලකයන් පලවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට හැකි වේ යැයි තමන් විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
අද (15) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
“අපේ සම්මුතිය තිබෙන්නේ, අපේ ගිවිසුම තිබෙන්නේ මේ රටේ ජනතාවත් සමඟයි. නමුත් ඔබ දකිනවා මේ දිනවල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව ඒ ගිවිසුම් ජනතාව සමඟ සිදු කරන ඒවා නොවෙයි. ඒ ඒ පක්ෂවලට මන්ත්‍රීධූර කොච්චර ලැබෙනවද ,ආසන සංවිධායක ධූර කොච්චර ලැබෙනවද කියලා අපි දැන් දකිනවා.”
“ඒ වගේම මීට මාස කිහිපයකට පෙර එකිනෙකාට එරෙහිව දේශපාලන මත වල හිටපු වගේම අවලාද නගපු කණ්ඩායම් දැන් දිනපතාම එකම වේදිකාවකට ගොඩවෙනවා.”
“අපේ රටේ මේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනයේ අවසනාය තමයි සැප්තැම්බර් 21 වෙනිදා. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය. මේක තමයි මේ රට වෙනස් කරන ඡන්දය. මෙතෙක් කාලයක් මේ රටේ හොරා කාපු හැම දේපළක්ම රාජසන්තක කරනවා වගේම හොරා කාපු අයට අපි දඬුවම් දෙනවා.”