තැපැල් මුද්දරයක අවම මිල වැඩි වන ලකුණු

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට පවසනවා.

ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles