ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් සහ ඖෂධ ජාවාරම සම්බන්ධ නඩුවට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිකමෙන් ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙන බව තහවුරු නොවුණු තොරතුරු ආරංචිමාර්ග වාර්තා කරනවා.
බන්ධනාගාරගතව සිටින චෝදනා ලත් අයෙක් කැබිනට් අමාත්‍ය ධුරයක කටයුතු කිරීම ආචාරධාර්මිකව ද ගැටලුවක් බැවින් මේ ගැන රජයේ ඉහළම තැන්වල අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, මැතිවරණ වර්ෂයකදී මෙවැනි තීන්දු ගැනීම සංකීර්ණ බැවින් කෙහෙළිය අමාත්‍යවරයා ලවාම ඉල්ලා අස්වීම ලබා ගැනීමට කටයුතු සිදු කෙරෙන බවත් අදාළ ආරංචිමාර්ගය තවදුරටත් පවසා සිටිනවා.
මෙවැනි චෝදනා සහිත පුද්ගලයෙකු කැබිනට් මණ්ඩලයේ තවදුරටත් තබාගතහොත් ජාත්‍යන්තරව පවා මෙරට අපකීර්තියට පත් විය හැකි බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපි වෛද්‍ය චමල් සංජීව පවසනවා.
අනික් රජයේ සේවකයින් ට වගේම වියයුතුයි..