ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි මහා සම්මේලනය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙන බව lankaline වෙත වාර්තා වෙනවා. හදිසියේ මෙසේ සම්මේලනයක් කැඳවන්නේ තීරණාත්මක දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ලබන වසර මැතිවරණ වසරක් බැවින්, සිය පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට එහි නායකයන්ට අවශ්‍යව තිබෙනවා. පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වන පක්ෂ ගැන මෙන් ම පක්ෂයෙන් ඉවත්ව වෙනම ක්‍රියාකරන පිරිස් ගැනද ඉක්මන් තීරණ ගැනෙනු ඇතැයි වාර්තා වෙනවා.
මෙම ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් බැසිල් රාජපක්ෂ වෙනුවට මේ වන විට සම්බන්ධ වන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බව දැනගැනීමට ලැබෙනවා. ජාතික සම්මේලනයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත පක්ෂයේ ප්‍රධාන වගකීමක් පැවරෙනු ඇති බවයි ආරංචි මාර්ග සැළ කර සිටියේ.