කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඇති හඳුනාගත් අධික අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
අධිඅවදානම් ගස් ඉවත් කිරීමේ වැඩසටහන සඳහා හමුදාව සහ සිවිල් ආරක්ෂ බළකාය යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.
එම ගස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොළඹ මහනගර සභාවේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරන අතර එසේ ඉවත්කරන ගස් සඳහා අලුත් ගස් සිටුවීමට තීන්දු කළ බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.