ජනාධිපතිවරණ සමීක්ෂණයක් : ප්‍රතිඵලය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව සිදුකළ අලුත්ම විද්‍යානුකූල ස්වාධීන සමීක්ෂණයේ වාර්තාව ඊයේ (25) නිකුත් කරනු ලැබුවා.

එම සමික්ෂණය අගෝස්තු 9 – 23 අතර මැතිවරණ දිස්ත්‍රික්ක 22ම පදනම් කරගනිමින් සමීක්ෂණ නියැදි ක්‍රමවේදය පාදක කරගනිමින් සිදුකර ඇති අතර එහි නිරවද්‍යතාව +/_3.0% ලෙස අංකනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 23 වන වි⁣ට ජනමතය ප්‍රකාශ වී ඇති ආකාර අනුව 43%ක ප්‍රතිශතයක් හිමි කරගනිමින් ප්‍රථම ස්ථානයේ සිටින්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 27%ක් ලබාගනිමින් දෙවනි ස්ථෘනයේ පසුවෙනවා.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 22%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර 8%ක් වෙනත්ත ලෙස‍යි සටහන් වන්නේ.

දෙවැනි මනාපය මෙවර තීරණාත්මක වන අතර ඒ අනුව දෙවැනි මනාපය සටහන් කිරීමට ඇති සූදානම මෙසේයි.

1 රනිල් වික්‍රමසිංහට 31%
2 කිසිවෙකුට නොදෙයි 27%
3 අනුර දිසානායකට 25%
3 වෙනත් 17%

මෙම වාර්තාවට අනුව සජිත් ප්‍රේමදාස පිළිබඳ ජනමතය ක්‍රමානුකූලව පහළ යමින් පවතින අතර රනිල් වික්‍රමසිංහ පිළිබඳ ජනමතය ඉහළට එසැවෙමින් ( climbing ) පවතීන බවයි සඳහන් වන්නේ. අනුර දිසානායක පිළිබඳ ජනමතය ස්ථාවරව පවතිින බව අවසන් නිරීක්ෂණයෙහි දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles