නීතිය කැළේට! රෝයල් එකට රනිල්ගෙන් විදුහල්පතිවරයෙක්!

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාතික පාසල් 34ක විදුහල්පති තනතුරු වෙනුවෙන් පුරප්පාඩු කැඳවා සම්මුඛ පරීක්ෂණද පවත්වා පිරිසක් තෝරාගෙන තිබෙනවා. මෙම තෝරාගත් පිරිසේ නම් ලැයිස්තුව අනුමත කර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවීමේ දී පාසල් 6ක නම් ඇතුළත් කර නැති අතර එම පාසල් අතරට රාජකීය විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, මහනාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍යමහා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අයත් වෙනවා.

මෙම පාසල් රහිතව තමන් වෙත එවූ ලැයිස්තුව හරවා එවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. නැවතත් එම ලැයිස්තුව ම අධ්‍යාපන අමාත්‍යංශය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යවා ඇති අතර දෙවැනි වතාවටත් එය හරවා එවන්නට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වුණා.

කටයුතු මෙලෙස සිදුවෙද්දී ඊයේ (9) දින රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සේවයෙන් විශ්‍රාම යන අතර සම්මුඛ පරීක්ෂණයෙන් රාජකීය විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිවරයෙක් පත් කරගෙන තිබියදීත් ජනාධිති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් සම්මුඛ පරීක්ෂණයට පවා සහභාගි නොවූ අයදුම්පතක් පවා ඉදිරිපත් නොකළ අයෙක් රාජකීය විද්‍යාලය සඳහා විදුහල්පති ලෙස පත් කර ඇති අතර සම්පූර්ණයෙන් නීති විරෝධී මෙම ක්‍රියාව ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී කළ කටයුත්තක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඍජුව චෝදනා එල්ල කරනවා.

අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණ පවත්වා නෛතිකව විදුහල්පතිවරයෙක් තෝරාගෙන තිබියදී රටේ ප්‍රධාන පාසලකට මේ මැදිහත් වීම නීතිවිරෝධී බව පවසන ජෝසප් ස්ටාලින්, මෙම තීරණයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles