බෝවන රෝගයක් බන්ධනාගාරය වසා දමයි!

වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

මෙසේ එම බන්ධනාගාරය වසා දැමීමට තීරණය කර ඇත්තේ සිරකරුන් අතර සරම්ප රෝගය ව්‍යාප්ත වීම නිසා බවයි වාර්ත වන්නේ.

රෝගීන් සිවු දෙනෙකු වාර්තා වීමෙන් පසුව බන්ධනාගාර පාලනාධිකාරිය මෙම තීරණය ගත් බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

ඒ අනුව, ඥාතීන්ට බන්ධනාගාර රැඳවූවන් මුණ ගැසීම හා රැඳවූවන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යෑම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

එසේම මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles