ධීවර කර්මාන්තයට සජිත්ගෙන් පොරොන්දුවක්

කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පවසන්නේ, මෙරට මුහුදු සීමාවේ පවතින අනන්‍ය ආර්ථික කලාපය තුළ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළා.

“කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය සුහුරු කර්මාන්තයක් බවට පත්කරලා, නව ක්‍රමවේද, නව තාක්ෂණය ඔස්සේ මේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කරන්න අපි කටයුතු කරනවා. ඔබ දන්නවාද මේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් අපේ රටට අයිතියි. අනන්‍ය ආර්ථික කලාපය ඒ අයිතිය අපිට ලැබුණේ 80 දශකයේ.

අපි අදහස් කරනවා අනන්‍ය ආර්ථික කලාපය රට වටේට තිබෙන රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති තුළින් තිරසර සංවර්ධනයකට යොමු කරලා, අපේ රටට අවශ්‍ය ඒ සම්පත්, ඩොලර් ටික ලබාගන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන්න, වී ගොවිතැනට අමතරව බෝග වගාව වැඩිදියුණු කරන්න ගොවිජන පද දියුණු කරලා, ස්මාර්ට් ගොවියා, ස්මාර්ට් ධීවරයා අපි බිහිකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles